Friday, October 14, 2016

WESTWORLD



අනාගතයේ දිනක සිදුවිය හැකි බවට උපකල්පනය කරමින් නිර්මාණය කර තිබෙන ව්ද්‍යාප්‍රබන්ධ මාලා නාටකයකි westworld. කෘත්‍රීම බුද්ධියක් ඇති ම්නිසුන්ගෙන් සමන්විත පැරණි බටහිර නගර ආකෘතියක් තුල සිදුවන ක්‍රියාදාමයක් වටා කතාව ගොඩ  නගා තිබේ. මේ සදහා පාදක කොටගෙන ඇත්තේ 1973 වසරේ මෙම තේමාවම යොදා ගනිමින් මෙම නමින්ම නිර්මාණය වූ සිනමාපටයක් වීම විශේෂයි.

පැරණි කව්බෝයි චිත්‍රපටවල දැකිය හැකි නගරයකිනුත් ඊටම ආවේණික ගතිලක්ෂණයන් ගෙන් විචිත්‍රවත්ව දිගහැරෙන මාලා නාටකයක පළමුවැන්න HBO හරහා මේ වනවිට විකාශය අරඹා තිබෙනවා.

කතාව තුල ත්‍රාසයත් කුතුහලයත් මැනවින් ගෙන ඒමට නිර්මාණකරු සමත්වී තිබේ. පළමු කොටස ප්‍රේක්ෂකයාට ලබාදෙන අත්දැකීම මෙලෙස දිගහැරේ

සිය මව හා පියා සමගින් වාසය කරන ඩොලරස් නමැති සුරෑපී කාන්තාවක්, ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමේ අදහසින් තමබිරිය සමගින් නගරයට පැමිණෙන පුද්ගලයෙක්, තම පෙම්වතිය හමුවීමට පැමිණෙන පෙම්වතෙක්, කදුකරයේ සැගව ඇති බව පැවසෙන භයානක මිනීමරුවෙක්, එම මිනීමරුවා අල්ලාගැනීමට මිනිසුන් එකතු කරගන්නා කණ්ඩායමක්, නගරයේ සහ එහි වැසියන්ගේ කෘත්‍රීම බුද්ධි පාලනය කරන ආයතනයේ ප්‍රධානියා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා, කළු ඇදුමක් ඇදගත් වෙඩික්කරුවෙක් ලෙසින් කතාවේ මුල් භාගය අපට චරිත ගෙනදක්වයි.

පළමු කොටස,

උදෑසන අවදිවන ඩොලරස් නගරයට යෑමට අවැසි බව සිය පියාට පවසයි. පියා ඇයට අවසර දුන්නද, රෑ බෝවීමට මත්තෙන් පැමිණෙන ලෙස අවවාද කර සිටී.

විනෝදවීමට නගරයට පැමිණෙන මිනිසුන්ට ගමන් පහසුව සළසන දුම්රිය තුල ගමන් ගන්නා අඹුසැමි යුවලක් සභ පුද්ගලයෙක් අතර සිදුවන කතාබස් කිරීමක් අතරතුර ඔහු එහි යන ප්‍රථම වතාව නොවන බව පවසයි.පළමුවර පැමිණියේ සිය පවුලේ උදවිය සමඟ බවත්, දෙවනවර තමා තනිව පැමිණ රිසිසේ විනෝදවූ බවත් තලුමරමින් පවසයි. ඊට යාබද අසුනක කඩවසම් තරුණයෙක් මේ සියල්ලට සවන්දෙමින් කල්පනාවක නිමග්නව සිටී.

දුම්රිය නගරයට පැමිණි පසු ඉන් බැස ගත් සියළුදෙනා තම තමන්ට අවැසි දිශාවන්‍ට ගමන්කරයි.

කඩවසම් තරුණයාට භයානක මිනීමරුවෙක් හඹායාමට ෂෙරිෆ් සිදුකරන ආරාධනය කාරුණිකව ඉවත දමමින් ඒ අසල තැබෑරුමකට ගොඩවෙයි, එහි සේවයේ නියුතු නගරශෝ්භනියන් ඔහු තම වසඟයට ගැනීමට දරන උත්සාහයන් සාර්ථකව ගැලවීගන්නා ඔහුට පාරේ අනෙක්පස සිටින ඩොලරස් නෙත ගැටේ. වහ වහා ඕ සිටින දිශාවට ගමන් ගන්නා ඔහු ඇය අමතා ඈ සමඟ රාත්‍රීකෑමට අවසර පතන දසුන ඔවුන් පෙරසිට හඳුනන බවට අඟවයි. අශ්වයෙක් පිට නැගී එතනින් පිටත්වන ඩොලරස් තරුණයාට ඈ පසුපසින් පැමිණෙන ලෙසට පවසමින් පිටත්වෙයි.

ටිකවේලාවකට පසු එකා පසුපස අශ්වයින් මත ගමන්ගන්නා ඩොලරස් සහ තරුණයා ඩොලරස් ගේ නිවස ආසන්නවෙත්ම ගොවිපොලේ කටයුතු අස්වාභාවික බවට ඩොලරස් පවසයි. ඒ සමඟම ඈතින් ඇසෙන වෙඩිහඬකින් පළාත දෙවනත්වෙයි.

බිම වැතිරසිටින ඩොලරස් ගේ පියා මත බෝතලයකින් කිරි විසිරුවමින් තර්ජනය කරයි. පසෙකින් බිම වැටීසිටින ඩොලරස් ගේ මව මරණයට පත්වී ඇතිබව පසක් කරගත් මිනීමරු සගයා මැසිවිලි නඟයි.

ඒ දෙසට වේගයෙන් අසු පදවන තරුණයා විගසින් එහි ළඟාවෙයි. සැණෙකින් සිදුවන වෙඩිතැබීම් කිහිපයකින් මිනීමරුවන් දෙදෙනාම මරාදමයි. ඒ සමඟින් එහි ළඟාවන ඩොලරස් විලාප තබමින් වැළපෙයි.
මේ මොහොතේ මතුවන ගුප්ත පෙනුමැත, කළු වර්ණ ඇඳුමින් සැරසීගත් මිනිසෙක් ඩොලරස්ව තම ග්‍රහණයට ගෙන ඇය තවත් රෑමත් බවත්, වසර 30ක පමණ සිට මෙහි පැමිණෙන තමන්ව හඳුනානොගැනීම පිළිබඳව විමතිය පළකරයි. මේ මොහොතේ නිවසින් පිටතට පැමිණෙන තරුණයා ඩොලරස්ව අතහරිනලෙස තර්ජනය කරයි.ප්‍රථම වතාවට තරුණයාගේ නම හෙළිකරමින් මිනිසා ටෙඩ් නමින් ඔහු අමතනුයේ මෙය සිදුවන ප්‍රථම වතාව නොවන බව පසක් කරමින්. ඔහු තවදුරටත් කුතුහලය තීව්‍ර කරමින් ටෙඩ් සටනට කැඳවයි.මෙහිදී වේගවත්ව නිවැරදිව ඉලක්කය ලබාගැනීමට හැකි පුද්ගලයා අනෙකාගේ මරණය තහවුරුකරන බව පසක්කරමින් දෙදෙනාම දෑත් රිවෝල්වර් වෙතට දිගුකරමින්...

පිට පිට එල්ලවන වෙඩි ප්‍රහාර හමුවේ නොසැලෙමින් ටෙඩ් කරා පියනගන මිනිසා වඩ වඩාත් සාහසික ලෙසින් සිනා සෙන්නේ තමා ඝාතනය කිරීමට කෘත්‍රීම මිනිසෙකුට නොහැකි බව පවසමින්. සිද්ධියෙන් ත්‍රස්තව,  වඩ වඩාත් මානසිකව කඩාවැටෙන ටෙඩ් ඩොලරස් අතහරින ලෙස බැගෑපත්වෙයි. කිසිවක් කනකට නොගත් මිනිසා ඩොලරස් තම ග්‍රහණයට ගෙන රැගෙනයයි. තවදුරටත් ටෙඩ් වෙඩි පහර කිහිපයක් එල්ලකරයි.කුපිතවන මිනිසා ඩොලරස් ගේ බැගෑපත්වීම නොසලකමින් එක් වෙඩි පහරකින්ම ටෙඩ් ගේ දිවි තොරකර, අසල ගොවිපොළවෙත රැගෙනයයි.

තවත් දිනයක්, දුම්රියේ පැමිණෙන ටෙඩ්. උදෑසන අවදිව නගරයට යාමට සැරසෙන ඩොලරස්. උදෑසන ගොවිපොළ අසළ තිබී හමුවන ඡායාරූපයක් හේ ttතුවෙන් ව්‍යාකූලවී සිටින ඩොලරස් ගේ පියා. නගරයේදි ඩොලරස්ට මුණගැසෙන කළුඇඳගත් මිනිසා විසින් අද දින පෙරදින අත්දැකීම අත්නොවන බවට ඉඟියක් සමඟින් නගරයේ ක්‍රියාත්මක සැකැස්මේ යම් වෙනසක් සිදුව ඇති බව පෙන්වයි.

සම්පූර්ණ කතාමාලාව මෙතනින් බලන්න...

පළමු කතාංගය / Episode 01 (02/10/2016) Eng.Subtitle

දෙවන කතාංගය / Episode 02 (09/10/2016)
Eng.Subtitle

තෙවන කතාංගය / Episode 03 (16/10/2016)
Eng.Subtitle

හතරවන කතාංගය / Episode 04 (23/10/2016)
Eng.Subtitle

පස්වෙනි කතාංගය / Episode 05 (30/10/2016)
Eng.Subtitle

හයවන කතාංගය / Episode 06 (06/11/2016)
Eng.Subtitle

හත්වන කතාංගය / Episode 07 (13/11/2016)
Eng.Subtitle




 අළුත්ම ෆිල්ම්ස් බලන්න.